කාර්යභාරය

හොරණ කලාප අධ්‍යාපන කාර්යාලය - අධ්‍යාපන සංවර්ධන අංශය

කාර්යභාරය

  1. කලාපයේ අධ්‍යාපන සංවර්ධනයට අදාළව වාර්ෂික ක්‍රියාකාරී සැලසුම සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම හා නියාමනය

  2. කලාප මට්ටමේ ගුරු පුහුණු, සේවාස්ථ සහ සිසු සංවර්ධන වැඩසටහන් සංවිධානය හා පැවැත්වීම

  3. ජාතික විභාග ඉලක්ක කරගනිමින් කලාපයේ ප්‍රතිඵල ඉහළ අගයක පවත්වාගැනීම තහවුරු කිරීම සඳහා සුවිශේෂ ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන් නිර්මාණය කිරීම, සංවිධානය හා ක්‍රියාත්මක කිරීම

  4. කලාප පාසල් බාහිර සුපරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීම

  5. පාසල් අධ්‍යාපන ප්‍රමිති සහ දර්ශක පාසල්වල අභ්‍යන්තර අගැයීමට අදාළ කටයුතු නියාමනය

  6. වාර විභාග සංවිධානය කිරීම, පැවැත්වීම හා නියාමනය

  7. ගුරු උපදේශක මණ්ඩලය සහ විෂය අධ්‍යක්ෂක මණ්ඩලය මගින් පාසල්වල අධ්‍යාපන සංවර්ධන කාර්යයන් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ නියාමනය

  8. පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සුපරීක්ෂණය සහ ප්‍රතිපෝෂණය

  9. කලාපයේ අධ්‍යාපන කළමනාකරණ පද්ධතියට අදාළ දත්ත රැස් කිරීම, පවත්වාගෙන යාම සහ වාර්තා කිරීම

  10. පාසල් අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘති නිර්දේශ කිරීම සහ ප්‍රගතිය නියාමනය කිරීම

  11. ශිෂ්‍ය වාර්තා පොත්, ගුරු වාර්තා පොත්, විෂය නිර්දේශ හා වෙනත් මාර්ගෝපදේශ සහ අධ්‍යාපන සංවර්ධනයට අදාළ පොත්පත් අදාළ පාර්ශ්ව වෙත බෙදාහැරීම

  12. පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධන වැඩසටහන් සඳහා පාසල්වලට මගපෙන්වීම, එම වැඩසටහන් නියාමනය

  13. පාසල් පාදක තක්සේරුකරණ කාර්යයන් නියාමනය කිරීම

  14. ගුරු පර්යේෂණ ප්‍රවර්ධනය

  15. කලාප මට්ටමේ විශිෂ්ට ව්‍යාවහාර ක්‍රියාත්මක කිරීම